Skip to main content

ගෙදරට විදුලිය එන හැටි...

ගෙදරට විදුලිය එන හැටි... විදුලි මහත්තයගෙන් අහමු...

                       කලින් post එකේ කතා කලා වගේ විදුලි බලාගාර ඇතුලෙ සීරුවට නිපදවෙන විදුලිය අපේ ගෙදරට එන්නෙ වයර් ඇතුලෙන්. මෙහෙම වයර් ඇතුලෙන් එන විදුලිය කොහොමද අපේ වැඩ කරල දෙන්නෙ? වැඩකරගන්න කොහොමද මේක ගෙට ගන්නෙ?
                       විදුලිය ආවට ගියාට ගෙට ගන්න බෑ. විදුලි මහත්තයම කියන විදිහට "විදුලිය කියන්නෙ හොඳ සේවකයෙක්, හැබැයි නරක ස්වාමියෙක්" ඉතිං විදුලිය දරුණුනම් විදුලිය වැදුනහම මැරෙන්න උනත් පුලුවන්නම්, කොහොමද අපි විදුලිය පාවිච්චි කරන්නෙ?
                       ගෙදරකට එන විදුලි සැපයුමට ගොඩාක් ආරක්ශක උපාංග සම්බන්ධ කරන්නෙ මේ නිසයි. අපි බලමු අපේ ගෙදරට සම්බන්ධවෙලා තියන ආරක්ෂක උපාංග මොනවාද කියල.
  • Main Isolater (ප්‍රධාන වෙන්කරනය) - මේ කොටස සම්බන්ධ කරන්නෙ ගෙදර විදුලි මීටරය ළඟට. ඒ කියන්නෙ මේ කොටස අයිති වෙන්නෙ විදුලිබල මණ්ඩලයට, නැත්නම් විදුලිබල සමාගමට*. ඒ නිසා මේ කොටස වැඩිය අතපත නොගාන තරමට හොඳයි.
  • Main Switch (ප්‍රධාන වහරුව) - මේක තමයි අපේ ගෙදරට එන විදුලි සම්බන්ධය සම්පූර්ණයෙන්ම විසන්ධි කරන්න පුලුවන් එකම උපාංගය. ඒ කියන්නෙ මේකෙන් ගෙදරට එන විදුලි සැපයුමේ සජීවී වගේම අජීවී අග්‍රයත් එකවර විසන්ධි කරනව. මේ ස්විචය විසන්ධිකලාම ගෙදරට එන 230V වෝල්ටීයතාව වගේම අකුණු නිසා ඇතිවෙන 4000V අධිවෝල්ටීයතාවක් වුනත් දරාගන්න පුලුවන් කමක් තියනව.
  • Residual Current Circuit Breaker - RCCB (ශේෂ ධාරා පරිපථ බිඳීනය) - මේ තමයි අපේ ගෙදර ප්‍රධාන ආරක්ශකයා. මෙයා තමයි අපේ ගේ ඇතුලෙ වෙන විදුලි කාන්දුවීම් වලින් අපිව ආරක්ෂා කරන්නෙ.
  • Miniature Circuit Breaker - MCB (ශේෂ ධාරා පරිපථ බිඳීනය) - මේක තියෙන්නෙ හදිසියේ හරි පරිපථයක් දිගේ, ඒ පරිපථයෙ දාල තියන වයර් වල ගෙනියන්න පුලුවන් ආරක්ෂිත ධාරාවට වඩා වැඩි ධාරාවක් ගැලුවොත් පරිපථය ආරක්ෂා කරන්න. ඒ කියන්නෙ වැඩි ධාරාවක් ගැලුවොත් වයර් රත්වෙලා ගිනිගන්න පුලුවන්. ඒක වලක්වන්න තමයි මේක යොදාගන්නෙ. මේ ගැන වැඩි විස්තර විදුලි මහත්තයා ඔයාලට කියල දෙයි.
  • Earth Wire (භූගත රැහැන) - අපිව විදුලිසැර වැදීම් වලින් ආරක්ෂා කරන්න තමයි මේ භූගත රැහැන පාවිච්චි කරන්නෙ. විදුලිය නිතරම භූගත වෙන්න උත්සාහ කරන්නෙ යන්න ලේසිම පාරෙන්. එහෙමත් නැත්නම් ප්‍රතිරෝධය අඩුම තැනින්. ඉතිං භූගත රැහැනක් තියනකොට කාන්දුවෙන විදුලිය ප්‍රතිරෝධය වැඩි අපේ ඇඟ හරහා නොයා, ප්‍රතිරෝධය අඩු වයර් එක දිගේ භූගත වෙනව. එත්කොට අපිට විදුලිසැර වදින්න කලින් RCCB එක OFF වෙනවා.
                            හරි ඉතිං දැන් ගෙදර විදුලි පද්ධතිය ගැන අපි ගොඩක් කතා කලානෙ, එහෙනම් බලමු විදුලි මහත්තයට කියන්න තියෙන්නෙ මොනවද කියල... 

                             විදුලි මහත්තයගෙ කතාව ඔන්න ඔහොම ඉවර වෙනවා. හැබැයි මම හිතනවා ඔයාල විදුලිය ගැන ගොඩක් දේවල් දැනගත්තා කියලා. ඉතිං මේ post එක ඔයාලට වැදගත් වුනානම් පහලින් comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.
                             විදුලිය ගැන තවත් post එකකින් ඔයාලව හම්බවෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම උසස්පෙල තොරතුරු සන්නිවේදන තාක්ෂණය හදාරන අය වෙනුවෙන් HTML පාඩම් මාලාවකුත් ළඟදීම අරගෙන එන්නත් බලාපොරොත්තු වෙන ගමන් අදට මම සමුගන්නවා. ඔයාලට සුබ දවසක්!

TechBlog සිංහලෙන් 
තරිඳු තත්සර 

Comments

  1. පට්ට ❤️ video එකත් සුපිරි හොඳට තේරෙනවා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ඉංජිනේරු තාක්ෂණවේදය පොත් කට්ටලයම....

ඉංජිනේරු තාක්ෂණවේදය පොත් 8ම නොමිලේ Download කරගන්න ඔන්න ගෙනත් තියනවා. Download කරගෙන කියවන්න. මේ පොත් PDF ඔයාල වෙනුවෙන් ගේන්න උදව් කරපු රුචිකා ගුරුතුමිටත් , රුශානි සොයුරියටත් , ප්‍රබුද්ධ සොයුරාටත් මගේ ස්තුතිය හිමිවෙන්න ඕනි. ඉතිං මොනව හරි ප්‍රශ්නයක් තියනවනම් පහල comment කරන්න. නැත්නම්, E-mail :- Tharinduthathsara8@gmail.com Whatsapp :- 0787637055 01 තාක්ෂණවේදය ඉතිහාසය  02 මූලික ස්වයංචල තාක්ෂණවේදය  03 ගොඩනැගිලි තාක්ෂණවේදය  04 ව්‍යවසායකත්වය හා කලමනාකරණය  05 බිම් මැනුම්  06 ඉංජිනේරු ඇදීම් 07 විදුලි යන්ත්‍ර හා බල පද්ධති 08 මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය Download All (426MB) TechBlog සිංහලෙන් තරිඳු තත්සර

ඉංජිනේරු තාක්ෂණවේදය II කොටස - මූලික ස්වයංචල තාක්ෂණවේදය

ඔන්න ඉතිං මම පොරොන්දු උනු විදිහටම තාක්ෂණවේදය හදාරන හැමෝටම වැදගත් වෙන ඉංජිනේරු තාක්ෂණවේදය II කොටස - මූලික ස්වයංචල තාක්ෂණවේදය පොතත් PDF මාදිලියෙන් ගෙනාවා . වාහන ගැන ඉගෙනගන්න කැමති හැමෝටමත් මේ පොත වැදගත් වෙයි කියල හිතනවා. තව දෙයක් තියනවා. මේ පොත් PDF වලට හරවන එක ලේසි නෑ සෑහෙන වෙලා යන වැඩක්. ඉතිං මම තව වැඩ ගොඩකුත් තියාගෙන මේක කරන්නෙ ඔයාල ගැන හිතලා. ඉතිං මේ වැඩේ ගැන ඔයාලගෙ අදහස් Comment කරන්න අමතක කරන්න එපා. (කිසිම අගයකිරීමක් නැතුව වැඩ කරනකොට එපාවෙනව:/ ) අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපිව ඔයාලගෙ යාලුවන්ටත් refer කරන්න. කතා කලා ඇති. ඔන්න පහල link එකෙන් පොත download කරගන්න.                       > මෙතනින් බාගන්න < TechBlog සිංහලෙන් තරිඳු තත්සර

විදුලි යන්ත්‍ර හා බල පද්ධති පොත

ඔන්න පොරොන්දු වුනු විදිහටම technology කරන අයට ඉංජිනේරු තාක්ෂණවේදය විදුලි යන්ත්‍ර හා බල පද්ධති පොත PDF විදිහට ගෙනාව. ඉතිං වැඩි කතා මොකටද, ඔන්න එහෙනම් download කරගන්න. මේ පොත pdf කරන්නත් උදව් උනේ රුෂානි සොයුරිය. ඉතිං එයාටත් ගොඩක් ස්තුතියි. පහළ link 1න් PDF 1 download කරගන්න.                  > මෙතනින් බාගන්න < TechBlog සිංහලෙන් තරිඳු තත්සර