CCNA (200-301) New Syllabus
Cisco Certified Network Associate
CCNA යනු කුමක්ද?
CCNA යනු, Cisco Systems ආයතනය මඟින් ලබාදෙනු ලබන සහතිකයකි. මෙමඟින් මෙම සහතිකය ලබන්නා තම ආයතනය මඟින් නිශ්පාදනය කරනු ලබන ජාලකරණ උපාංග සමඟ කටයුතු කිරීමේ හැකියාව ඇත්තෙකු ලෙස හඳුන්වා දෙනු ලැබේ. Cisco Systems යනු වර්ථමාන ලෝකයේ ජාලකරණ උපාංග නිෂ්පාදනයේ ප්‍රමුඛයා වේ. වර්තමාන අන්තර්ජාලය තුල භාවිත වන ජාලකරණ උපාංග අතුරින් 80%ක්ම Cisco උපාංග වීම නිසා මෙම පාඨමාලාව ජාලකරණය පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට ඉතාමත් වැදගත් වේ.
CCNA කවුරුන් සඳහාද?
CCNA සඳහා කිසිඳු මූලික සුදුසුකමක් අවශ්‍ය නොවේ! එබැවින් කවර වයස් සීමාවක හෝ කවර අධ්‍යාපන මට්ටමක ඔබ සිටියද CCNA පාඨමාලාව හැදෑරීමේ හැකියාව පවතී. මෙම පාඨමාලාව ඕනෑම අයෙකුට හැදෑරීමට හැකි වූ පමණින් ඉතා පහසු පාඨමාලාවක් ලෙස වරදවා වටහා නොගතයුතු ය.
මෙම පාඨමාලාව හැදෑරීමට ඔබට,
- පරිගනක පිළිබඳ මූලික දැනුමක්
- ජාලකරණය පිළිබඳ මූලික හඳුනාගැනීමක්,
- ජාලකරණ ක්ෂේත්‍රය පිළිබඳව ආශාවක් තිබිය යුතුයි.
මෙම පාඨමාලාව කවුරුන් සදහාද?
- 2020 පෙබරවාරි 24 දිනෙන් පසු ලබාදීම ආරම්භ කල, CCNA (200-301) විභාගය සමත් වීමට අවශ්‍ය අය.
- පරිගණක ජාලකරණය පිළිබඳව සිංහලෙන් ඉගෙනීමට කැමති අය.

Comments
Post a Comment