විදුලිය නිපදවෙන හැටි !!! විදුලි මහත්තයගෙන් අහමු.
විදුලිය අපි කාටත් නැතිවම බැරි ශක්තියක්. උදේ නැගිටපු වෙලාවෙ ඉඳල ආපහු රෑට නිදාගන්න වෙලාව වෙනකං අපි කරන වැඩ වලින් වැඩි හරියක්ම කරන්නෙ විදුලිය පාවිච්චි කරල. එහෙම බලනකොට විදුලිය අපේ හොඳම මිතුරෙක්, නැත්නම් සේවකයෙක් වගේ තමයි පේන්නෙ.
ඉතිං අපිට මෙතරම් උදව් කරන , අපිට මෙතරම් සමීප විදුලිය අපිට ලැබෙන්නෙ කොහොමද කියල ඔයාලගෙන් ඇහුවොත් ඔයාලගෙ උත්තරේ මොකක් වෙයිද? ඔව් සමහරු කියයි විදුලිය ලැබෙන්නෙ වයර් වලින් කියල. තව සමහරු කියයි විදුලි බලාගාර වලින් කියල.
ඔව් , මේ දෙකම ඇත්ත. විදුලිය හැදෙන්නෙ විදුලි බලාගාරවල, ඒ විදුලිය අපේ ගෙවල් වලට ලැබෙන්නෙ වයර් වලින්. ඒත් මේ හැදෙන විදුලිය අපේ ලඟට එන්න කලින් ලොකු කතාවක් තියනව කියන්න.
ඒ කතාව මම කියනවට වඩා හොඳට කියන්න විදුලි මහත්තයට පුලුවන්. ඉතින් අපි ඒ කතාව විදුලි මහත්තයගෙන් අහල බලමු.
ඉතිං විදුලි මහත්තයගෙ කතාව ඇහුවනම්, කතාව හොඳයි කියල හිතනවනම් පහලින් comment එකක් දාන්න අමතක කරන්න එපා. අපිව Subscribe කරල තිබුනොත් අලුතින් ගේන දේවල් ඔයාලට ඉක්මනින්ම දැනගන්න පුලුවන්.
ඉතිං ඒවගේම අමතක කරන්න එපා ඔයාලගෙ යාලුවන්ටත් අපි ගැන කියන්න, විශේෂයෙන්ම උසස්පෙළ තාක්ෂණවේදය කරන අයට ඒ අයට මේ දේවල් ගොඩක් වැදගත් වෙයි.
TechBlog සිංහලෙන්
තරිඳු තත්සර
Comments
Post a Comment